මෙරට රජයේ රෝහල් පද්ධතියේ ස්ථාපනය කරන ලද ප්‍රථම සහ උසස්ම තාක්ෂණයෙන් යුත් කෘත්‍රිම බුද්ධිය (AI) සහිත MRI ස්කෑන් යන්ත්‍රය කොළඹ ජාතික රෝහලේදී අද (09) ජනතා අයිතියට පත් කෙරිණි. රුපියල් මිලියන 450ක වියදමින් ස්ථාපනය කරන ලද මෙම යන්ත්‍රය මගින් රෝහලේ හදිසි ප්‍රතිකාර සහ ස්නායු ශල්‍යකර්ම සේවාවන්හි විශාල ප්‍රගතියක් අපේක්ෂා කෙරේ.
සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සමාරම්භක උත්සවය පැවැත්විණි.