මේ වෙලාවේ රට පාලනය කරන්න සුදුසු රනිල්ට මහජනතාව කියලා තියෙනවා ගෙදර ඉන්න කියලා – වජිර කියයි

රට අසීරු අවස්ථාවලදී පාලනය කළ හැකි දක්ෂ නායකයෙකු වුවද, රනිල් වික්‍රමසිංහ මහතාට “ගෙදර යන ලෙස” ජනතාව පැවසීම කණගාටුදායක බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, අත්දැකීම් බහුල නායකයෙකු පරාජය කිරීමට ජනතාව ගත් තීරණය හේතුවෙන් ඉදිරියේදී ශ්‍රී ලාංකිකයන්ට දැඩි දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවනු ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *