භාවිත කළ සහ අලුත්ම අලුත් වාහන ආනයනය කිරීමේදී පනවා තිබෙන සියයට 50ක අධිභාරය (Surcharge) ලබන අප්‍රේල් මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට රජය තීරණය කර ඇත.
එනමුත් දැනට සියයට 20ක්ව පවතින රේගු බද්දට එම සියයට 50 අධිභාරය එකතුකොට ඇත.
මෙරට වෙළෙඳපොළේ භාවිත කළ වාහන මිල ගණන් ඉදිරියේදී වෙනස්වීමක් ඉන් සිදුවන්නේ නැතැයි මුදල් හා ක්‍රමසම්පාදන සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරියකු ප්‍රකාශ කළේය.
මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන ඇමැතිවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් මඟින්, මෙම අධිභාරය මෙම වසරේ දෙසැම්බර් 31 වැනිදා දක්වා දීර්ඝ කිරීමට මීට පෙර ගෙන තිබූ තීරණය රජය විසින් මෙලෙස අවලංගු කර තිබේ.
මෙම අධිභාරය පිළිබඳ ගැසට් නිවේදනය මුලින්ම හඳුන්වා දෙනු ලැබුවේ 2025 ජනවාරි මාසයේදීය.
එය පසුගිය වසර අවසානය දක්වා ක්‍රියාත්මක වූ අතර, පසුව එය මෙම වසර අවසානය දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබූ බව ද ඔහු කීය.
කෙසේ වෙතත්, නව තීරණයත් සමඟ අප්‍රේල් මාසයේ සිට එම බදු බර ඉවත් වනු ඇත.
මෝටර් රථ ආනයන අංශයේ ආරංචිමාර්ග පෙන්වා දෙන්නේ භාවිත කළ වාහන සඳහා පනවා තිබූ මෙම අධිභාරය ඉවත් කිරීම, නව වාහනවල මිල ගණන් කෙරෙහි ද බලපෑමක් ඇති කරනු ඇති බවයි.