ඉන්ධන නැව් දෙකක් ලංකාවට දෙන්න රුසියාව එකග වෙයි – ගෙවීම් රෑබල් හෝ යුවාන්වලින් පමණයි

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ඉන්ධන අර්බුදයට සහනයක් ලෙස ඉන්ධන නැව් දෙකක් ලබාදීමට රුසියානු රජය සිය එකඟතාව පළ කර ඇත. කෙසේ වුවද, මෙම ඉන්ධන තොග සඳහා ගෙවීම් සිදු කිරීමේදී රුසියානු ‘රූබල්’ හෝ චීන ‘යුවාන්’ මුදල් ඒකක භාවිතා කළ යුතු බවට රුසියාව කොන්දේසියක් ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා රුසියානු බලධාරීන් සමඟ කළ ඉල්ලීමකට අනුව මෙම එකඟතාව ලැබී ඇත. ඩොලර් අර්බුදය හමුවේ ඉන්ධන ආනයනයට ඇති බාධා මඟහරවා ගැනීම සඳහා විකල්ප මුදල් ඒකකවලින් ගෙවීම් කිරීමේ හැකියාව පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *