QR කේතයට අනුව ඉන්ධන නිකුත් නොකළ බණ්ඩාරගම නගරයේ ඉන්ධන පිරවුම්හලක් අත්හිටුවීමට තෙල් සංස්ථා බලධාරීහු ඊයේ (7) පියවර ගෙන තිබිණි. ඒ අනුව පාරිභෝගිකයන්ට ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවා දැමීමට පියවර ගෙන තිබූ අතර පෝලීම්වල රැඳී සිටි පාරිභෝගිකයන් රැසක් මේ හේතුවෙන් අපහසුතාවට පත් විණි. මේ පිළිබඳ ඉන්ධන හලේ සේවකයන්ගෙන් විමසීමේදී පැවසුවේ දිනය පුරාම කිව් ආර් කේතය නිසි පරිදි ක්රියාත්මක නොවූ බවත් ඒ හේතුවෙන් පැමිණෙන පරිදි පාරිභෝගිකයන් වෙත ඉන්ධන නිකුත් කළ බවත්ය.