පවතින දුෂ්කර තත්ත්වයන් කළමනාකරණය කිරීම සඳහා රජය හෝ වෙනත් ඕනෑම පාර්ශ්වයක් දරන සාධාරණ මැදිහත්වීම්වලට සහ සාධාරණ උත්සාහයන්ට පක්ෂයක් ලෙස සහයෝගය දැක්වීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පවසනවා.
ඒ අනුව, සිය පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂගේ උපදෙස් මත, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සූදානම් කර තිබූ මහා පරිමාණ දේශපාලන රැළි සියල්ල තාවකාලිකව කල් තැබීමට තීරණය කර ඇති බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.
මෙම තීරණය ගත්තේ පවතින ගැටලුකාරී මොහොතට සහයෝගී ප්‍රතිචාර දැක්වීමක් ලෙස බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.