ඇමරිකානු ප්‍රහාරක යානා මත්තලට එන්න ඇහුවා කියන කතාව බොරුවක්,එත් බොරු කියල ඇමරිකාව කියන්නෑ – විමල් වීරවංශ

ඉරානය සමඟ යුද්ධය ආරම්භ වීමෙන් පසුව, එක්සත් ජනපද ප්‍රහාරක ජෙට් යානා දෙකක් මත්තල ගුවන් තොටුපලට පැමිණීමට අවසර ඉල්ලූ නමුත්, මධ්‍යස්ථ රටක් ලෙස, එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය දා පවසා සිටියේ ය.

ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය ඇමරිකාව මෙතක් ප්‍රතික්ෂේප කර නැත.

නමුත් මෙවැන්නක් විය නොහැකි දෙයක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසයි. ඔහු පවසන්නේ, එක්සත් ජනපද ප්‍රහාරක ජෙට් යානා දෙකක් මත්තලට පැමිණීමට කල ඉල්ලීම ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කළා යැයි කීම විය නොහැකි දෙයක් බවයි.

ලංකාව සහ ඇමරිකාව අත්සන් කර තිබෙන ගිවිසුම් අනුව, එවැනි ඉල්ලීමක් ඇමරිකාවෙන් ඉදිරිපත් වුවහොත් එය ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් නැති බව විමල් වීරවංශ පවසයි.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා රජය ඇමරිකාව වෙනුවෙන් බොහෝ දේ ලබා දෙන බැවින්, ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කිරීමට ඇමරිකාව ඉදිරිපත් නොවූ බවද ඔහු පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *