සරසවි සදහා නව නේවාසිකාගාර 55ක් හදන්න තීරණය කරයි – මුදල් ප්‍රතිපාදන වෙන් වෙයි

විශ්ව විද්‍යාල සඳහා නේවාසිකාගාර 55ක් අලුතින් ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඒ සඳහා මුදල් ප්‍රතිපාදනද වෙන් වී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.

විශ්ව විද්‍යාල බොහොමයක නේවාසිකාගාර ප්‍රශ්න උග්‍රවී පවතින බව වාර්තාවේ.

ඒ සම්බන්ධයෙන් උපකුලපතිවරුන් සමග ළඟදීම සාකච්ඡා කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනවිරත්න මහතා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *