ශ්‍රී ලංකාවේ නව ආර්ථික දියුණුවක් ලබා ගැනිම සඳහා මිනිරන් කර්මාන්තය ඇසුරෙන් නව නිපැයුමක් ලෙස එළි දක්වා ඇති ” ගැෆීන් ” යොදා ගත හැකි බව , ඉංජිනේරු කීර්ති වික්‍රමරත්න මහතා අද (27) දින කොළඹ , කින්ග්ස්බරි හෝටයේ පැවති ” මිනිරන් ” පිළිබඳ ජාත්‍යාන්තර සමුළුවේ දී ප්‍රකාශ කර තිබෙනවා .
මෙම සමුළුව ” රාගෙදර ” මිනිරන් පතල් කර්මාන්තශාලාව විසින් සංවිධානය කර තිබූ අතර , මේ සඳහා ආරාධනා ලැබූ දෙස් – විදෙස් ව්‍යවසායන් , විද්‍යාඥයන් , ඉංජිනේරුවරුන් සහ වෘත්තිකයින් 200 ක පමණ පිරිසක් සහභාගී වී සිටි බව සඳහන් .
මිනිරන් වලින් අගය එකතු කර වැඩි දියුණු කිරීම මගින් ” ග්‍රැෆීන් ” නිෂ්පාදනය කිරීම , ශ්‍රී ලංකාව තුළ පළමු වරට ” රාගෙදර ” මිනිරන් පතල් කර්මාන්තශාලාව විසින් ආරම්භ කර ඇති අතර මේ වනවිට ජාත්‍යාන්තර වෙළඳපොළ සඳහා අපනයනය කිරීම සිදු කෙරෙන බවයි සඳහන් වන්නේ
” ග්‍රැෆීන් ” ග්‍රෑම් 01 ක් රුපියල් 50,000 ක් වැනි ඉහළ මිළකට අලෙවි වන අතර එය රන් මිළ ද අභිභවා ගොස් තිබීම විශේෂත්වයක් .
මෙම ” ග්‍රැෆීන් ” කාර්මික අතින් ලෝකයේ දියුණු රටවල් ගුවන් යානා , අභ්‍යවකාශ යානා , විද්‍යුත් මෝටර් රථ සහ කොන්ක්‍රීට් නිෂ්පාදන සදහා බහුලව යොදා ගනිමින් සිටින අතර එමගින් ඔවුන්ගේ නිෂ්පාදන වියදම් අවම කර ගැනීමට සහ ගුණාත්මක අතින් උසස් නිෂ්පාදන කළ එළි දැක්වීමට ඉවහල් වී ඇති බව ද ඉංජිනේරු කීර්ති වික්‍රමරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා .