ජපානය ලංකාවට පතුල පහත සුපිරි බස් රථ 08ක් ලබා දෙයි – ගිවිසුම් අත්සන් තබයි

පරිසර හිතකාමී විශාල ප්‍රමාණයේ එමෙන්ම පතුල පහතින් පිහිටි ජපානයේ බස් රථ මෙරටට ප්‍රදානය කිරීමේ ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්තුවට අත්සන් තැබුණා.

ශ්‍රී ලාංකීය ප්‍රවාහන ක්ෂේත්‍රය හරිතකරණයේ වැදගත් සන්ධිස්ථානයක් සහ ආර්ථික කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමට මෙම ව්‍යාපෘතිය හරහා හැකි වන බව ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා පවසනවා.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා සහ මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල සී. පෙරේරා යන මහත්වරුන් මෙම ප්‍රධාන කොන්ත්‍රාත්තුවට අත්සන් කිරීමේ අවස්ථාවට එක්ව සිටියා.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සදහා ජපන් රජය රුපියල් මිලියන 112 ක් පමණ ලබා දෙනවා.

2025 වසරේ එවකට ජපානයේ විදේශ කටයුතු පිළිබද පාර්ලිමේන්තු උප අමාත්‍ය අකිකෝ ඉකුයිනා මහත්මිය ශ්‍රී ලංකාවේ කළ සංචාරය අතරතුරදීයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග පැවැත්වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙසයි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන්නේ.

ලබාදීමට නියමිත විශාල ප්‍රමාණයේ පත්ල පහත් බස් රථ යුරෝ 4 විමෝචන ප්‍රමිතීන්වලට අනුකූල අතර ඒවා ඉතාමත් පරිසර හිතකාමී බව සහතික කරනවා.

මෙම ව්‍යාපෘතිය ප්‍රවාහන අංශයේ  හරිතකරණය ඉදිරියට ගෙන යාමක්. වත්මන් පරිපාලනයේ වැදගත් ප්‍රතිපත්තිවලින් එකක් වන ක්ලීන් ශ්‍රී ලංකා සංකල්පය සඳහා මෙය සෘජුව සහාය දක්වනවා.

මේ උසස් ප්‍රමිතියෙන් යුත් වාහන හඳුන්වාදීමේ තීරණාත්මක නාගරික අභියෝගවලට මුහුණදීම රථවාහන තදබදය අවම කිරීම ආර්ථික කාර්යක්ෂමතාව වැඩිදියුනු කිරීමත් සිදු වෙනවා.

වැඩිහිටි පුද්ගලයින්ට සහ ආබාධ සහිත පුද්ගලයින්ට  පහසු ප්‍රවේශයක් ඇති නිසා මානව ආරක්ෂාවේ සංකල්පයට  ද මෙය සමපාත වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *