ඝාතන නඩුවකට හිටපු ඇමති ජනක බණ්ඩාරට එරෙහි අධිචෝදනා බලරහිත කළ අභියාචනාධිකරණ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි

ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට එරෙහිව ගොනුකර තිබූ අධිචෝදනා පත්‍රය බලරහිත කරමින් අභියාචනාධිකරණය ලබා දී තිබූ තීන්දුව බලරහිත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (31) තීන්දු කළේය.

මෙම තීන්දුවත් සමඟ ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට එරෙහිව මහාධිකරණයේ පවතින නඩු කටයුතු ඉදිරියට ගෙන යාමට නීතිමය බාධාවක් නොමැති වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *