ශ්‍රී ලංකාවේ විදුලි බල පද්ධතියට එක් කෙරෙන පුනර්ජනනීය බලශක්තිය කාර්යක්ෂමව කළමනාකරණය කිරීම සඳහා මෙගාවොට් 50 ක ධාරිතාවයකින් යුත් බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් (Battery Energy Storage System – BESS) ස්ථාපනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
දිවයින පුරා පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වේගයෙන් වර්ධනය වීමත් සමඟ පද්ධතියේ ස්ථාවරත්වය පවත්වා ගැනීම මෙහි මූලික අරමුණයි.