“ජන්මභූමි” නව නිදහස් ව්‍යාපාරය විසින් “අනතුර ඉදිරියෙන්: ඔබ සූදානම්ද?” නමින් සංවිධානය කරන ලද විශේෂ සම්මන්ත්‍රණයක් පසුගියදා (05) කොළඹ, ලක්ෂ්මන් කදිරගාමර් පර්යේෂණ ආයතනයේ ශ්‍රවනගාරයේදී පැවැත්විණ.
එහි පිළිගැනීමේ කතාව, ජන්මභූමි නව නිදහස් ව්‍යාපාරයේ ලේකම්, නීතීඥ එස්.කේ.ඒ.එස්. සේනානායක මහතා විසින් පවත්වන ලද අතර, අනතුරුව ජන්මභූමි නව නිදහස් ව්‍යාපාරයේ ජාතික කැඳවුම්කරු මහාචාර්ය ටියුඩර් වීරසිංහ, ජන්මභූමි නව නිදහස් ව්‍යාපාරයේ ජාතික විධායක සභික
ආචාර්ය චමිල ලියනගේ සහ ජන්මභූමි නව නිදහස් ව්‍යාපාරයේ ජාතික විධායක සභික භෝගිනී සිගේරා යන මහත්ම මහත්මීන්ද පැමිණ සිටි පිරිස හමුවේ සිය අදහස් දැක්වීය.
මෙම අවස්ථාවට ජන්මභූමි නව නිදහස් ව්‍යාපාරය විසින් ආරාධනා කරන ලද දේශපාලන පක්ෂ නායකයන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, දේශපාලන නායකයන්, වෘත්තීයවේදීන්, විද්වතුන්, කලාකරුවන් ඇතුළු ආරාධිතයන් පිරිසක්ද එක්ව සිටියහ.