ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ උපන්දිනය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන විවිධ ප්‍රචාර ප්‍රතික්ෂේප කරමින්, පොදුජන පෙරමුණේ දේශපාලන ක්‍රියාකාරී පසන් කස්තුරි මහතා අදහස් දක්වා තිබේ.
ඔහු අවධාරණය කරන්නේ නාමල් රාජපක්ෂ මහතා කිසිලෙසකවත් ප්‍රදර්ශනාත්මක සාද පවත්වා උපන්දිනය සැමරීමට කටයුතු නොකළ බවයි.
“නාමල් රාජපක්ෂ තමන්ගේ උපන්දිනය වෙනුවෙන් ඔය කියන විදියට පාටි දැම්මේ නැහැ. ඔහු ආගම දහම විශ්වාස කරන මනුස්සයෙක්. ආගමික වතාවත්වලට අනුව ඔහු උපන්දිනය සැමරුවා” යැයි පසන් කස්තුරි මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ 40 වැනි උපන්දිනය (අප්‍රේල් 10) නිමිත්තෙන් විවිධ උත්සව පැවැත්වෙන බවට සමාජ මාධ්‍ය හරහා සංසරණය වූ වාර්තාවලට පිළිතුරු දෙමින් ඔහු මෙම අදහස් පළ කර තිබේ.