රෝහණ විජේවීර මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර පවතින ජන පදනම සංසන්දනය කරමින් පසන් කස්තුරි මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබේ.
ඔහු පෙන්වා දෙන්නේ රෝහණ විජේවීර මහතා යනු හුදෙක් දේශපාලන පක්ෂයක නායකයෙකු පමණක් වූ බවත්, ඔහු කිසිලෙසකත් මෙරට නායකත්වය හෙබවූ අයෙකු හෝ අවම වශයෙන් අමාත්‍ය ධුරයක් දැරූ අයෙකු නොවන බවත්ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පසන් කස්තුරි මහතා මෙසේද සඳහන් කළේය:
“රෝහණ විජේවීර කියන්නේ පක්ෂයක නායකයෙක් විතරයි, රටේ නායකයා නෙවෙයි. ඔහු අඩුම තරමේ ඇමති කෙනෙක්වත් නෙවෙයි. එදා ඔහු වෙනුවෙන් පිරිසක් හිටියා නම්, දශක තුනක සාපලත් යුද්ධය අවසන් කරපු මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් කොච්චර ජනතාවක් ඉන්නවාද කියලා අපි නියම වෙලාව ආවම පෙන්වන්නම්.”