ලිමිණි දේශපාලනයට එන්නේ නැහැ, ලංකාවේ පළවෙනි 05 අතර තියෙන සංචාරක ව්‍යාපාරයක් ඇයට තියෙනවා – නාමල් රාජපක්ෂ

සිය බිරිඳ වන ලිමිණි රාජපක්ෂ කිසිසේත්ම දේශපාලනයට පිවිසීමේ අදහසක් නොමැති බවත්, ඇය සිය කාලය වැඩි වශයෙන් දරුවන්ගේ කටයුතු සහ පෞද්ගලික ව්‍යාපාර වෙනුවෙන් වෙන් කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා අවධාරණය කළේ ඇය දේශපාලන රැස්වීම් සඳහා පවා සහභාගී නොවන බවයි.

ඇය සතුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සංචාරක ව්‍යාපාරයක් පවතින බවත්, එය දිවයිනේ මුල් පෙළේ ව්‍යාපාර පහ අතරට ගැනෙන බවත් නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *