මෙවර අලුත් අවුරුදු සමය තුළ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ලංගම) සිය ඉතිහාසයේ ඉහළම ආදායම් වාර්තාව තබා ඇති බව එහි සභාපති සජීව නන්දන කනකරත්න මහතා නිවේදනය කරයි.
අප්‍රේල් 10 වනදා සිට 15 වනදා දක්වා වූ දින 6ක කාලය තුළ පමණක් ලංගම රුපියල් බිලියනයක (රුපියල් කෝටි 100ක) ආදායමක් උපයා ඇත. මෙහි විශේෂත්වය වන්නේ අප්‍රේල් 11 වනදා පමණක් මගීන් ලක්ෂ 20කට අධික පිරිසක් ලංගම බස් රථ මගින් ගමන් කර තිබීමයි.