පසුගිය කාලසීමාව පුරා රාජපක්ෂ පවුල වෙත එල්ල කරන ලද විවිධ චෝදනා සම්බන්ධයෙන් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට දැඩි අභියෝගයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසන් කස්තුරි මහතා විසින් එල්ල කර තිබේ.
මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු අවධාරණය කළේ ලෝක යුද්ධයක් ඇති වුවද, එසේත් නැතිනම් පිටසක්වල ජීවීන් පැමිණ ආක්‍රමණය කළද, රාජපක්ෂවරුන්ට එල්ල කළ චෝදනා ඔප්පු කිරීමේ වගකීමෙන් ජනාධිපතිවරයාට මිදිය නොහැකි බවයි.