අප්‍රේල් 9 සහ 21 අතර ලංගම බස්වල ගිය මගීන්ට දිනුම් ඇදීමකින් තෑගි,බස් ටිකට්පත ළග තබාගන්න – ලංගම සභාපති කියයි

මෙවර අලුත් අවුරුදු සමයේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ලංගම) ලැබූ දැවැන්ත මූල්‍යමය සාර්ථකත්වයේ ප්‍රතිලාභ මගී ජනතාවට ද ලබා දීමට සභාපති සජීව නන්දන කනකරත්න මහතා තීරණය කර තිබේ.

ඒ අනුව, අප්‍රේල් 09 වනදා සිට 21 වනදා දක්වා කාලය තුළ ලංගම බස් රථවල ගමන් ගත් මගීන් සඳහා විශේෂ දිනුම් ඇදීමක් පවත්වා වටිනා ත්‍යාග පිරිනැමීමට කටයුතු සූදානම් කර ඇත. තමන් ගමන් ගත් බස් ටිකට් පත සුරක්ෂිතව ළඟ තබා ගන්නා ලෙස සභාපතිවරයා මගී ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *