අභියෝගාත්මක මොහොතක රට භාරගෙන ස්ථාවරත්වයක් ඇති කළ එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බවත්, ඔහුගේ අත්දැකීම්වලින් ප්‍රයෝජන නොගතහොත් ශ්‍රී ලංකාව ලෝකයේ යටත් විජිතයක් බවට පත්වීම වැළැක්විය නොහැකි බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති, වජිර අබේවර්ධන මහතා පවසනවා.
අද (15) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදි අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, ජනතාව තවදුරටත් දේශපාලන සුරංගනා කතාවලට හසු නොවිය යුතු බවත් රට ගොඩනැගීමට නම් 1977 ඇති වූ යුග පෙරළියටත් වඩා මහා පරිවර්තනයක් අවශ්‍ය බවයි.