“අපේ ආණ්ඩුවක් යටතේ ලාල් කාන්ත ඇතුළු සියලු දෙනාගේ අයථා වත්කම් සම්බන්ධයෙන් ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත්කරලා, ඒ අයථා වත්කම් නැවත රජයට පවර ගන්නා බව නව ජනතා පෙරමුණේ නායක සුගීශ්වර බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
තම පක්ෂය බලයට පත් වූ පසු දේශපාලනඥයින්ගේ සහ අනෙකුත් පුද්ගලයින්ගේ අයථා ලෙස උපයාගත් බවට චෝදනා එල්ල වන සියලු වත්කම් පිළිබඳව විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරන බවයි.
එම පරීක්ෂණ කටයුතු සඳහා විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත් කරන බවත්, එමගින් තහවුරු වන අයථා වත්කම් කිසිදු භේදයකින් තොරව නැවත රජයට පවරා ගැනීමට කටයුතු කරන බවත් ඔහු අවධාරණය කළේය.
මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබලයෙකු වන කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ නම විශේෂයෙන් සඳහන් කළ නව ජනතා පෙරමුණු නායකයා, එම ක්‍රියාවලිය “සියලු දෙනාටම” පොදු බව පැවසීය.