රටේ සිදුවන වංචා සහ දූෂණ නැවැත්වීමට නම් හුදෙක් පුද්ගලයන් හෝ පාලකයන් මාරු කිරීමෙන් පලක් නොවන බවත්, ඒ සඳහා නව තාක්ෂණය සමඟ බද්ධ වූ විනිවිදභාවයකින් යුතු පද්ධතිමය වෙනසක් අවශ්‍ය බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී හඳුන්වා දුන් රිවර්ස් බිඩින් වැනි සාර්ථක ප්‍රසම්පාදන ක්‍රමවේදයන් වත්මන් රජය බලයට පත්වූ වහාම අත්හැර දැමූ බවයි.