මාව මිහින්තලෙන් පන්නන්න හදනවා,පක්ෂේ කෙනෙක්ව විහාරාධිපති කරන්න යනවා – මිහින්තලේ හිමි

“මිහින්තලේ ප්‍රදේශවාසීන් රවටා පාර හදන බවට ව්‍යාජ ලේඛනයක් අත්සන් කරන් වෙසක් පෝයට කලින් මාව පන්නන්න හදනවා” යනුවෙන් මිහින්තලේ රජමහා විහාරයේ විහාරාධිපති හිමියන් චෝදනා කළේය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ, තමන්ව ධුරයෙන් ඉවත් කිරීමට ඇතැම් පාර්ශවයන් කුමන්ත්‍රණකාරීව කටයුතු කරන බවයි.

“එයාලගේ පක්ෂේ පොඩි හාමුදුරුනමක් විහාරාධිපති විදියට ගෙන්න හදනවා” යනුවෙන් වැඩිදුරටත් සඳහන් කළ උන්වහන්සේ, දේශපාලන අරමුණු මත විහාරස්ථානයේ පාලනය වෙනස් කිරීමට උත්සාහ දරන බවට චෝදනා කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *