“ලෝක සාම පා ගමන උතුරටයි නැගෙනහිරටයි යන්නේ නැත්තේ ඇයි?” යනුවෙන් පූජ්‍ය බළන්ගොඩ කශ්‍යප හිමියන් ප්‍රශ්න කළේය.
ඊයේ මාධ්‍ය හමුවක් අමතමින් උන්වහන්සේ කියා සිටියේ, ආලෝකා නම් සුනඛයා සමඟ සිදුකරන ලෝක සාම පා ගමන පිළිබඳව සඟ සමාජයේ දැඩි කනස්සල්ලක් පවතින බවයි.
“බෞද්ධ ප්රබෝධය ඇති ප්‍රදේශවල මේ පා ගමන යෑම තුළ හොඳ ප්‍රතිඵල ලැබෙන්නේ නෑ. බෞද්ධ ඉතිහාසයේ සුනඛයන් සමඟ පා ගමන් ගියේ නෑ” යනුවෙන් උන්වහන්සේ වැඩිදුරටත් පැවසීය.
“ආලෝක කියන සුනඛයා නිසා අපේ සාමාන්‍ය බල්ලන්ට පහර වදිනවට මම කැමති නෑ” යනුවෙන් සඳහන් කළ කශ්‍යප හිමියන්, “මේ සාම පාගමනින් ලංකාවේ භික්ෂූන් වහන්සේලා අධෛර්්යට පත් වෙන්න පුළුවන්” යනුවෙන් ද අනතුරු ඇඟවීය.