ආබාධ සහිත පුද්ගලයන් වෙත විශේෂ අවධානය යොමු කරමින්, මාකුඹුර සිට පිටකොටුවට සහ මාකුඹුර සිට කඩවතට විශේෂ ලේ ෆ්ලෝ බස් රථ දහයක් හෙට සිට ගමන් ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍යංශය කියයි.
මෙම බස් රථ ධාවනයේ දි මහරගම අපේක්ෂා රෝහල සහ කොළඹ ජාතික රෝහල ඇතුළ විශේෂ සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන කිහිපයක් ආවරණය කිරීමට නියමිත ය.
මෙම බස් රථ මිනිත්තු හතලිහකට වරක් ධාවනය වන බව පැවසේ.
බස් රථ තුළ මගීන් අසූවකට ඉඩ පහසුකම් සලසා ඇති අතර, ආබාධිත සහිත පුද්ගලයන් තිස් දෙනෙකු වෙනුවෙන් විශේෂ පහසුකම් සලසා තිබේ.