ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව යුගයක් අරඹමින් පතුල පහත සුපිරි බස් රථ සේවාව නිල වශයෙන් ඇරඹෙයි

“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහන යටතේ ආබාධ සහිත මෙන් ම විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට ආරක්ෂිත, සුවහපසු සහ විශ්වාසී ගමනාගමන පහසුකම් සලසා ගැනීම සඳහා පත්ල පහත් බස් රථ සේවාව (Low floor Passenger Service) නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීම අද (2026.04.21) දින මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී සිදුකෙරිණ…!

රෝද පුටු භාවිත කරන මගීන්ට සහ දෘෂ්‍යාබාධිත මගීන්ට සේම ගැබිණි මව්වරුන්ට ද ඉතා පහසුවෙන් බස් රථයට ගොඩවිය හැකි ලෙස විශේෂයෙන් නිර්මාණය කර ඇති මෙම පත්ල පහත් විශේෂ වර්ගයේ බස් රථ 10 ක් අද දින ප්‍රවාහන සේවාවට එක්කෙරිණ….!

මගී ආසන 30 කින් සමන්විත මෙම බස් රථවල රෝද පුටුවලින් ගොඩවන මගීන්ට වෙනමම ආසන වෙන් කර ඇත. මාකුඹුර සිට කොළඹ කොටුව දක්වාත් මාකුඹුර සිට කඩවත දක්වාත් මාර්ගයන්හි නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක අතර, විශේෂයෙන් කොළඹ ජාතික රෝහල සහ මහරගම අපේක්ෂා රෝහල ඇතුළු ප්‍රධාන සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන මෙම මාර්ග මගින් ආවරණය කෙරේ….!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *