තමන්ගේ පක්ෂයට වියදම් කරපු කෙනා හංගා ඔහු ආරක්ෂා කර ඔහුගේ දේපලත් නිදහස් කරලා දී කොහෙවත් යන කට්ටියට පාස්කු ප්‍රහාරයට ඇඟිල්ල දිගු කළාට හරියන්නේ නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේදී මාධ්‍යයට ප්‍රකාශයක් කරමිනි.
“පාස්කු ප්‍රහාරය තනිකර දේශපාලනීකරණය කරලා තියෙනවා. එක පැත්තකින් පිල්ලෙයාන් හිටපු ඇමතිවරයා අත්අඩංගුවට ගත්තා. සුරේශ් සලේ අපේ හිටපු බුද්ධි අංශ ප්‍රධානියා අත්අඩංගුවට අරගෙන තියෙනවා.ඔහුගෙන් ප්‍රශ්න කරන්නේ කවුද? පාස්කු ප්‍රහාරයේ බුද්ධි අංශ වාර්තා ලාච්චුවේ හංගගෙන හිටපු දෙන්නා. දැන් ඒ දෙන්නම තමයි ගල් අඟුරු ගැන හොයන්න යන්නේ. ඒක තමයි හොඳම විහිළුව යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා කීය.