CHOGM සඳහා ගෙනා බස් රථ යළි ධාවනයට – 15ක් දැනටමත් සේවයේ – ඉතුරු බස් ධාවනයට එන්ජින් 30ක් මිලට ගනියි

පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව (CHOGM) සඳහා ආනයන​ය කර වසර ගණනාවක් නිෂ්ක්‍රීයව පැවති බස් රථ තොගයක් ප්‍රතිසංස්කරණය කර යළි සේවයට එක් කිරීමට කටයුතු කරමින් සිටින බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සමාජ මාධ්‍ය සටහනකින් පවසා තිබේ.

ඉන් බස් රථ 15ක් දැනටමත් සම්පූර්ණයෙන් අලුත්වැඩියා කර ධාවනයට යොදවා ඇති බවත්, ඉතිරි රථ යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සිදුවෙමින් පවතින බවත් ඔහු සඳහන් කළේය.

තවමත් සේවයට යොදවා නොමැති බස් රථ 38න් 18ක් ඉදිරි මාස එකහමාරක කාලය තුළ ධාවනයට එක් කිරීමට අපේක්ෂා කරන අතර, ඉතිරි බස් රථ මෙම වසර අවසන් වීමට පෙර ධාවනයට එක් කිරීමට සැලසුම් කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සඳහා රජය විසින් නව එන්ජින් 30ක් සහ ගියර් පෙට්ටි 30ක් මිලදී ගෙන ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

වැඩසටහනේ ප්‍රගතිය සමාලෝචනය කිරීමට සහ එහි නිරත කාර්ය මණ්ඩලයේ අවශ්‍යතා සොයා බැලීමට තමන් එම ස්ථානයට ගිය බවද නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *