ශම්මි සිල්වාට ශ්‍රි ලංකා ක්‍රිකට්‍ සභාපති ධුරයෙන් ඉවත් වන ලෙස ජනපති දැනුම් දුන්නා – ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ (SLC) සභාපති ෂම්මි සිල්වා මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කර ඇති බව DAILY Mirror පුවත්ප​ත වාර්තා කරයි.

“President Anura Kumara Dissanayake has finally bowled down to ground realities and decided to instruct Cricket’s SLC merry-go-round chairman Shammi Silva to clear out” යනුවෙන් එම වාර්තාවේ සඳහන් වේ.

Daily Mirror වෙත වාර්තා වන පරිදි, ෂම්මි සිල්වා මහතා වෙනුවට තාවකාලිකව හිටපු ශ්‍රී ලංකා නායකයෙකු සහ රාජකීය විද්‍යාලයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු පත් කිරීමට නියමිතය. ඔහු ICC අතුරු කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරනු ඇත.

තවද, දූෂිත SLC යථා තත්ත්වයට පත් කිරීම සඳහා “cooling-off period” එකක් ලබා දෙන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට (ICC) ක්‍රීඩා අමාත්‍යවරයා දැනුම් දී ඇති බවත් වාර්තා වේ.

මූලාශ්‍රය – ඩේලි මිරර්

Screenshot 2026 04 22 at 8.32.23 AM 1 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *