ඊ-මේල් ඉන්ඩෙම්නිටීස් වැඩපිළිවෙල, රෙජිස්ටර්ඩ් වයිට් ලිස්ටඩ් ඊ-මේල් ඇඩ්‍රස් වැඩපිළිවෙල, කෝල් වෙරිෆිකේෂන් වැඩපිළිවෙල අනුගමනය නොකලේ ඇයි – සජිත් අහයි

මහ බැංකුවෙන් ඩොලර් මිලියන 2.5ක් හැකර්වරුන් විසින් සොරාගැනීමේ සිද්ධිය පාදක කරගනිමින්, හැකර්වරුන්ට හසු නොවී ආරක්ෂිතව මුදල් හුවමාරු කරන ආකාරය ගැන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවට පාඩමක් කියා දී තිබේ.

“බැංකු පද්ධතිය තුළ මූල්‍ය හුවමාරුකිරීම් සිදුවන විට අනුගමනය කරන ආරක්ෂිත ක්‍රමවේද ගණනාවක් තියෙනවා. ඇයි මේවා අනුගමනය නොකළේ” යනුවෙන් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කළේය.

එවැනි ආරක්ෂිත ක්‍රමවේද ලෙස “ඊ-මේල් ඉන්ඩෙම්නිටීස් වැඩපිළිවෙල, රෙජිස්ටර්ඩ් වයිට් ලිස්ටඩ් ඊ-මේල් ඇඩ්‍රස් වැඩපිළිවෙල, කෝල් වෙරිෆිකේෂන් වැඩපිළිවෙල” යන ක්‍රමවේද ඔහු පෙන්වා දුන්නේය.

මෙම ක්‍රමවේද නිසි පරිදි අනුගමනය කළේ නම් මහ බැංකුවට සිදුවූ ඩොලර් මිලියන 2.5ක පාඩුව වළක්වා ගත හැකිව තිබූ බව විපක්ෂ නායකවරයාගේ අදහස විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *