Apple, Meta, Google ඇතුළු ඇමරිකානු ආයෝජන ලංකාවට ගෙන්වා ගැනීමට රජය සාකච්ඡා පවත්වයි

SpaceX, Apple, Coca-Cola, Mastercard, Visa, Boeing, Chevron, Corteva, Meta, Google, and Airbnb වැනි ප්‍රමුඛ පෙලේ ඇමරිකානු සමාගම් රැසක නියෝජිතයන් සමඟ, බස්නාහිර පළාත් ආණ්ඩුකාර සහ ජනාධිපතිවරයාගේ විදේශ ආයෝජන සදහා වන උපදේශක ලෙස කටයුතු කරන හනීෆ් යූසුෆ් මහතා සූම් සාකච්ඡාවක් පවත්වා තිබේ.

මෙම සාකච්ඡාවේදී ලංකාවේ ආයෝජනය කිරීම සදහා අදාල සමාගම් වෙත ආරාධනා කර තිබෙන හනීෆ් යූසුෆ් මහතා, දකුණු ආසියානු කලාපයට ඔවුන්ගේ සේවාවන් සම්පාදනය කිරීම සදහා ලංකාව වේදිකාවක් ලෙස භාවිතා කළ හැකි බවද අවධාරණය කර තිබේ.

මෙම සාකච්ඡාව සදහා එක්සත් ජනපද වාණිජ මණ්ඩලය පහසුකම් සලසා ඇති බව වාර්තා වේ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *