ශ්රී ලංකා ක්රිකට් සභාපති ධූරයෙන් ෂම්මිද සිල්වා අද හෝ හෙට දිනයේ දී ඉල්ලා අස්වීමට නියමිත බව වාර්තා වේ.
ෂම්මි ද සිල්වා ක්රිකට් සභාපති ධූරයෙන් ඉවත් කර, හිටපු පාර්ලිමේන්තු මන්ත්රී එරාන් වික්රමරත්න එම ධූරයට පත් කිරීමට නියමිත බව ඩේලි මිරර් පුවත්පත මීට පෙර වාර්තා කර තිබුණි.
කෙසේ වෙතත්, ෂම්මි ඉවත් වීමෙන් පසුව හිස්වන ශ්රී ලංකා ක්රිකට් මුල් පුටුවට එරාන් වික්රමරත්න මහතාට අමතරව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ නමද යෝජනා වී ඇති බව වාර්තා වේ.