කොන්ත්‍රාත්කරුවන්ට රුපියල් මිලියන 380කට අධික මුදලක් ද්විත්ව ගෙවීමක් සිදුකළ බවට සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා විසින් සමාජ මාධ්‍ය හරහා සිදුකරන ලද ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ පදනම් විරහිත බව මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) නිවේදනය කරයි.
නිකුත් කළ නිල ප්‍රකාශයක් මගින් RDA අවධාරණය කරන්නේ, කිසිදු ද්විත්ව ගෙවීමක් අධිකාරිය විසින් සිදු කර නොමැති බවයි. “RDA එකට අයත් ගිණුම්වලින් එවැනි ද්විත්ව ගෙවීමක් සිදු කර නොමැති බවත්, RDA එකට කිසිදු මූල්‍ය අලාභයක් සිදුවී නොමැති බවත්” අධිකාරිය තහවුරු කරයි.
මෙම කාරණයේදී මූල්‍ය අක්‍රමිකතාවයක් සිදු වී ඇති බවට වන කාරණය සමග RDA එක සම්බන්ධ කිරීමට ගන්නා ඕනෑම උත්සාහයක් “නොමග යවන, වගකීම් විරහිත සහ පදනම් විරහිත” බව ද එම නිවේදනයේ සඳහන් වේ.
නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා විසින් කරන ලද ප්‍රකාශ ද්වේශ සහගත සහ සත්‍ය පදනමකින් තොර බවට RDA සලකන අතර, මේ වන විට මෙම කාරණය සමාලෝචනය කරමින් සිටින බවත්, ප්‍රකාශය සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් අධිකාරිය පවසයි.
සත්‍යාපනය නොකළ තොරතුරු පැතිරවීම රාජ්‍ය ආයතනවල කීර්ති නාමයට හානි කරන අතර මහජනතාව නොමග යවන බැවින්, එවැනි අන්තර්ගතයන් බෙදා ගැනීමට පෙර වගකීමෙන් කරුණු සත්‍යාපනය කරන ලෙස RDA මහජනතාවගෙන් සහ මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටී.
RDA එක සියලුම මෙහෙයුම් වලදී විනිවිදභාවය, වගවීම සහ අඛණ්ඩතාව පිළිබඳ ඉහළම ප්‍රමිතීන් පවත්වා ගැනීමට කැපවී සිටින බව ද වැඩිදුරටත් අවධාරණය කර ඇත.