බැරලයක් ඩොලර් 286 ක් වැනි ඉහළ මිලකට ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඩීසල් මිලදී ගෙන ඇති බව මීට පෙර වාර්තා වූ අතර, එවැනි අධික මිලකට ඩීසල් ආනයනය කිරීමෙන් විශාල මූල්‍ය පාඩුවක් රජයට සිදුව ඇති බැවින් ඒ පිළිබදව විමර්ශනයක් කරන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නියෝජිතයන් විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
පැමිණිල්ල සදහා ජී.එල්.පීරිස්, පාඨලී චම්පික රණවක, මහින්ද අමරවීර, තලතා අතුකෝරාල, සුගීෂ්වර බණ්ඩාර ඇතුළු කිහිප දෙනෙකු අත්සන් තබා තිබේ.