තායිලන්තයේදී භික්ෂූන් පිරිසක් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය පිටුපස වත්මන් ආණ්ඩුව සිටින්නට පුළුවන් බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා චෝදනා කරයි.
පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ගම්මන්පිල මහතා, “මිනිස්සු අල්ලගෙන තට්ටේ ගාලා සිවුරු පොරවලා මාලිමාව තමයි කට්ටිය රැස්වීම්වලට ගෙනිච්චේ” යනුවෙන් අතීත සිදුවීමක් සිහිපත් කළේය.
තවදුරටත් අදහස් දැක්වූ ඔහු, “මේ ආණ්ඩුව බෞද්ධ විරෝධී ආණ්ඩුවක් කියලා නායක ස්වාමීන් වහන්සේලා ප්‍රකාශ කරන නිසා බුදු දහමට කැලලක් ඇති කරන්න ආණ්ඩුව මේක කලා වෙන්නත් පුළුවන්” යනුවෙන් කියා සිටියේය.
නායක හිමිවරුන් විසින් ආණ්ඩුව බෞද්ධ විරෝධී ලෙස හඳුන්වන පසුබිමක, බුද්ධ ශාසනය අපකීර්තියට පත් කිරීමේ අරමුණින් මෙම සිද්ධිය සැලසුම් කර තිබිය හැකි බව ඔහුගේ තර්කය විය.
තායිලන්තයේ අත්අඩංගුවට ගත් පිරිස සැබෑ භික්ෂූන් නොව, සිවුරු පොරවන ලද පුද්ගලයන් විය හැකි බවට ද ගම්මන්පිල මහතා සැක පළ කරයි. මීට පෙර මාලිමා රැස්වීම්වලට එවැනි පුද්ගලයන් ගෙන ගිය බවට ඔහු චෝදනා කළේය.