නුගේගොඩදී පසුගියදා පැවැත්වූ දැවැන්ත ජන රැළිය පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කළේ, “දැවැන්තම රැළිය කරන්න පුළුවන් පක්ෂය අපි” යනුවෙනි.
මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු, “ජනතාව ගේන එක අපිට ප්‍රශ්නයක් නෙමෙයි” යනුවෙන් කියා සිටියේය.
කෙසේ වෙතත්, බලය පෙන්වීම සඳහා ජනතාව අනිසි ලෙස යොදා නොගන්නා බව පෙන්වා දුන් කාරියවසම් මහතා, “නමුත් අපි රටේ සංස්කෘතියට ආදරෙයි” යනුවෙන් අවධාරණය කළේය.