ශ්‍රී ලංකාව සිය ආර්ථික පුනර්ජීවන ගමන් මඟේ තීරණාත්මක සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ලබා දී තිබූ ආදායම් ඉලක්ක අබිබවා යෑමට සමත්ව තිබේ.
නවතම වාර්තාවලට අනුව, රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතාවන්ට අනුව, රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15ක මට්ටමක පවත්වා ගත යුතු වුවද, ශ්‍රී ලංකාව එම සීමාව ඉක්මවා යමින් සාර්ථකත්වයක් අත්කරගෙන තිබේ.
2025 වසර වන විට රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 16.7ක් දක්වා ඉහළ යනු ඇතැයි ගණන් බලා ඇත. මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂා කළ මට්ටමට වඩා ඉහළ අගයක් ගැනීම විශේෂත්වයකි.
මේ මූල්‍ය ප්‍රගතිය හරහා ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය තහවුරු වන අතරම, ජාත්‍යන්තර මූල්‍ය ආයතන කෙරෙහි රට පිළිබඳ පවතින විශ්වාසය තවදුරටත් ශක්තිමත් වීමට ද මෙය ප්‍රබල හේතුවක් වනු ඇත.