ජනපති අනුරගේ ආරාධනයෙන් ශ්‍රි ලංකා ක්‍රිකට් සභාපති ධුරය බාර ගත්තා – ඉරාන් වික්‍රමරත්න කියයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ආරාධනාවකට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති ධුරය බාරගත් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ, හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් සහ නායකයන් සමඟ දීර්ඝ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඊයේ (29) දින සිට බලපැවැත්වෙන පරිදි මෙම වගකීම බාරගත් බවයි.

කමිටුවේ “එකම සහ අවංක අභිප්‍රාය” ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අභිමානය සහ දක්ෂතාව යළි ස්ථාපිත කිරීම බව ඔහු අවධාරණය කළේය. “අවංකභාවයෙන් සහ අත්දැකීම්වලින් පිරිපුන් පුද්ගලයන් නව දෙනෙකුගෙන් යුත් කමිටුවකට නායකත්වය දීම මට ගෞරවයක්” යනුවෙන් වික්‍රමරත්න මහතා සිය නිවේදනයේ සඳහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *