හෙට පැවැත්වීමට නියමිත සමගි ජන බලවේගයේ මැයි රැලිය සම්බන්ධයෙන් ජනතාව අතර “පාලනය කරගන්න බැරි තරම් උනන්දුවක්” ඇති වී තිබෙන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පවසයි.
මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ බණ්ඩාර මහතා, “මෙතෙක් පවත්වපු හොඳම සංවරම මැයි දිනය සජබ අපි ඉතා විශාල ජන සහභාගිත්වයකින් හෙට පවත්වනවා” යනුවෙන් ප්‍රකාශ කළේය.
“සජබ මැයි දින්නට අපිට එක්කන් යන්නේ නැද්ද කියලා ජනතාව අපිට කෝල් කර කර අහනවා” යනුවෙන් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.