දුම්රියට නව ඩිජිටල් ටිකට් පද්ධතියක් – නියමු ව්‍යාපෘතිය ඇරඹෙයි

ශ්‍රී ලංකා දුම්රිය සේවාව නවීකරණය කිරීමේ වැදගත් පියවරක් ලෙස, නව ඩිජිටල් ටිකට් පද්ධතියක නියමු ව්‍යාපෘතිය මැයි 01 වන දින සිට ආරම්භ කර ඇත.

නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන ස්ථාන

මෙම නව ක්‍රමය දැනට කැලණිවැලි මාර්ගයේ දුම්රිය ස්ථාන 4ක ක්‍රියාත්මක වේ:

  1. බේස්ලයින් පාර
  2. කෝට්ටේ පාර
  3. නාරාහේන්පිට
  4. කිරුලපන

ඉදිරියේදී කැලණිවැලි මාර්ගයේ සියලුම ස්ථානවලට සහ අනෙකුත් මාර්ගවලටත් මෙය ව්‍යාප්ත කිරීමට නියමිතය. පාදුක්කේ දැනටමත් මෙම පද්ධතිය ඇති බව මගීන් පවසයි.

නව පද්ධතිය ක්‍රියාත්මක වන ආකාරය

  1. ටිකට්පත කවුන්ටරයෙන් ලබා ගැනීම
  2. වේදිකාවට ඇතුල් වීමට පෙර ‘Platform Validate’ ස්කෑනරයෙන් ටිකට්පත ස්කෑන් කිරීම
  3. එවිට ටිකට්පත වලංගු බව තහවුරු වීම
  4. ගමන ආරම්භ කිරීම

පද්ධතියේ වාසි

මෙම නව ක්‍රමවේදය හරහා අපේක්ෂා කෙරෙන්නේ:

  • ටිකට් වංචා අවම කිරීම
  • මගී ගමන් කළමනාකරණය පහසු කිරීම
  • නවීන, කාර්යක්ෂම දුම්රිය සේවාවක් සැපයීම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *