“රණසිංහ ප්‍රේමදාසගේ අතිජාත පුත්‍රයා මේ රට සිංගප්පූරුවක් කරනවාමයි” යනුවෙන් සමගි ජන බලවේගයේ ආධාරකරුවෙකු මැයි 01 වන දින පැවති මැයි දින රැලියේදී ප්‍රකාශ කර ඇත.
වීඩියෝවක දැක්වෙන පරිදි, එම පුද්ගලයා වැඩිදුරටත් පවසා ඇත්තේ “සජිත් ප්‍රේමදාසව බලයට ගෙනාවොත් මේ රට සිංගප්පූරුවක් කරනවාමයි” යනුවෙනි.
එමෙන්ම “නිකමට කොලයක කෙලවරේ ලියලා තියාගන්න” යනුවෙන් ද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බලයට පත්වුවහොත් රට සංවර්ධනය කරන බවට වන තම ප්‍රකාශය ස්ථිර බව අවධාරණය කරමිනි.