මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම ඇතුළු චෝදනා යටතේ ගිරිතලේ යුධ හමුදා කඳවුරේ හිටපු අණදෙන නිළධාරී ශම්මි කුමාරත්න ඇතුළු යුධ හමුදා බුද්ධි අංශ නිළධාරීන් 9 දෙනෙකුට එරෙහිව නීතිපති පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය ලබන 8 වැනිදා යළි සිදු කිරීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය දින නියම කරයි.