අතිවිශිෂ්ට ජයග්‍රහණයක් වෙනුවෙන් නාමල් රාජපක්ෂ තලපති විජේට සුබ පතයි

දකුණු ඉන්දීය සුපිරි නළු තලපති විජේ හෙවත් සී. ජෝසප් විජේ මහතා ලැබූ අතිවිශිෂ්ට ජයග්‍රහණයක් වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය X ගිණුම හරහා සුබ පැතුම් එක් කර ඇත.

තම නිවේදනයේ නාමල් රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ, “අතිවිශිෂ්ට ජයග්‍රහණයක් වෙනුවෙන් ගරු සී. ජෝසප් විජේ මහතාට සුබ පැතුම්! සැබෑ කාර්යය දැන් ආරම්භ වන අතර, ඉදිරියේ දී ඇති අභියෝග ජයගැනීමට සහ ජනතාවට අර්ථවත් ප්‍රතිලාභ ලබාදීමට ඔබට සහ ඔබේ කණ්ඩායමට ශක්තිය සහ අධිෂ්ඨානය ලැබේවායි මම ප්‍රාර්ථනා කරමි” යනුවෙනි.

ශ්‍රී ලංකාව සමඟ ශක්තිමත් සබඳතාවයක් බලාපොරොත්තු වෙමි

දමිළ ජනතාවට බලපාන කරුණු සම්බන්ධයෙන් ද අදහස් දක්වා ඇති නාමල් රාජපක්ෂ මහතා, “ජාතීන් දෙකෙහිම ජනතාවට බලපාන කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ ශක්තිමත් සහ වඩාත් ධනාත්ම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *