මන්ත්‍රී හර්ෂ ද සිල්වා තමන්ට හිමි වූ විමධ්‍යගත අරමුදල් සියල්ලම කෝට්ටේ ප්‍රදේශයේ පාසල් අතර බෙදා දෙයි

සාම්ප්‍රදායික යටිතල පහසුකම් සංවර්ධනයට වඩා රටේ අනාගත පරපුරේ තාක්ෂණික අධ්‍යාපනයට ප්‍රමුඛතාව ලබා දිය යුතු බව අවධාරණය කරමින්, තමන්ට හිමි වූ රුපියල් මිලියන 10ක විමධ්‍යගත අරමුදලම කෝට්ටේ ප්‍රදේශයේ සියලුම පාසල් 17 අතරේ බෙදා දීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පියවර ගෙන ඇත.

කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී විදුහල්පතිවරුන් සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *