“විජේ කච්චතිව් දූපත ඉල්ලපු එකට ජනාධිපතිතුමා දෙන්න බෑ කියලා කිව්වනේ, කච්චතිව් විතරක් නෙමෙයි යාපනයත් තමිල්නාඩුවට දෙන්න, තමිල්නාඩු මිනිස්සු අපිව ආරක්ෂා කරයි” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්රී අර්චුනා රාමනාදන් මහතා අද දිනයේ පාර්ලිමේන්තුවේදී ප්රකාශ කළේය.
උතුරේ ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මෙම ආන්දෝලනාත්මක ප්රකාශය සිදු කළේය.
තවදුරටත් අදහස් දැක්වූ මන්ත්රීවරයා, “ඩෙල්ෆ් දූපතේ භාගයකටම කරන්ට් නෑ. සතියේ දවස් හතෙන් දවස් පහක් කරන්ට් නෑ” යනුවෙන් උතුරේ පවතින විදුලි අර්බුදය පිළිබඳව දැඩි විවේචනයක් එල්ල කළේය.