“අපි පක්ෂයක් කරන විදියට රට කරන්න යන්නේ නෑ. SJB ද UNP ද LT # E ද කියන එක බලන්නේ නෑ, අවංක හැකියාවක් තියන පුද්ගලයන්ට අපි ඉස්සරහටත් වගකීම් දෙනවා” යනුවෙන් ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේය.
රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, “ඉරාන් මැතිතුමා ඇතුළු කණ්ඩායම විශාල වගකීමක් අරන් තියෙන්නේ” යනුවෙනි. මෑතකදී සිදුකළ දේශපාලන පත්වීම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මෙම ප්‍රකාශය සිදු කළේය.
ඉරාන් වික්‍රමරත්න මහතා ආණ්ඩුවේ තනතුරකට පත් කිරීම සම්බන්ධයෙන් සමාජයේ ඇති වූ කතාබහ ගැන අදහස් දැක්වූ බිමල් රත්නායක මහතා, “ඉරාන්ව පත් කරපු එකෙන් ජනාධිපතිතුමා ඩබල් සෙන්චරි එකක් ගැහුවා කියලා සමහර අය කියනවා” යනුවෙන් පැවසීය.