ශ්‍රි ලංකාවේ දෙවන පෞද්ගලික ගුවන් සේවය ලෙස අරඹන්න ගිය Air Ceilao සභාපති ජනිත් කාෂාන් පොහොට්ටුවට එක්වෙයි

ශ්‍රී ලංකාවේ දෙවන පෞද්ගලික ගුවන් සේවය ලෙස ප්‍රසිද්ධියට පත් වූ ‘එයාර් සිලෝන්’ (Air Ceilao) ආයතනයේ නිර්මාතෘ සහ සභාපති ජනිත් කාෂාන් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්වෙමින් සක්‍රීය දේශපාලනයට පිවිස තිබේ. ඔහු විසින් පවත්වන ලද දැවැන්ත දේශපාලන හමුවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

ගුවන් සේවා තොරතුරු වාර්තා කරන ‘Aviation Voice’ වෙබ් අඩවියට අනුව, Air Ceilao ආයතනයේ නිල වෙබ් අඩවිය මේ වන විට අක්‍රීය වී ඇති අතර එහි කාර්යාලය ද වසා දමා ඇති බව වාර්තා වේ. 2018 වසරේදී ආරම්භ කිරීමට උත්සාහ කළ ‘Peace Air’ ගුවන් සේවයට ද මෙවැනිම ඉරණමක් අත් වූ බව දේශීය ගුවන් සේවා ක්ෂේත්‍රයේ විචාරකයෝ පෙන්වා දෙති.

තවද, ව්‍යවසායකයෙකු වන ජනිත් කාෂාන් මහතා ‘තඹපන්නි ඩිස්ටිලරීස්’ (Thambapanni Distilleries) ආයතනය සමඟ ද සමීප සබඳතා පවත්වන අයෙකු බව වැඩිදුරටත් අනාවරණය වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *