සාගර කාරියවසම් හිටියොත් නාමල්ටත් අනාගතයක් නෑ – එයාට තියෙන්නේ නොමේරු මනසක් – ප්‍රේමනාත් සී. දොලවත්ත

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතාගේ ක්‍රියාකලාපය දැඩිව විවේචනය කරමින් නීතිඥ ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා ප්‍රකාශයක් සිදු කර ඇත.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් දොලවත්ත මහතා පැවසුවේ, “සාගර කාරියවසම්ගේ තත්වය ඔහොම තමයි. සමගි වෙන්න යද්දී සමගිය කඩනවා. එයාට තියෙන්නේ නොමේරු දේශපාලන ඥානයක්” යනුවෙනි.

තවදුරටත් අදහස් දැක්වූ ඔහු, “සාගර කාරියවසම් හිටියොත් නාමල්ටත් අනාගතයක් නෑ. එයාට තියෙන්නේ නොමේරු මනසක්” යනුවෙන් ද සඳහන් කළේය.

‘සර්වජන බලය’ නායක, ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා සම්බන්ධයෙන් ද අදහස් පළ කළ දොලවත්ත මහතා, “දිලිත්ට ඇයි ජනාධිපති වෙන්න බැරි” යනුවෙන් ප්‍රශ්න කර සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *