2022 වසරේ ගාලු මුවදොර පිටියේදී පැවති අරගලයේ සත්‍ය සිදුවීම්, මතකයන් සහ මූලික වටිනාකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන්, “ජනතා අරගලයක මතක සටහන්” නමින් ප්‍රදර්ශනයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මෙම ප්‍රදර්ශනය මැයි මස 09 සහ 10 යන දිනවල පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා කොළඹ 07 පිහිටි ජේ.ඩී.ඒ. පෙරේරා කලාගාරයේදී පැවැත්වෙන බවයි එහි සංවිධායක මණ්ඩලය සඳහන් කරන්නේ.
ගාලු මුවදොර පිටියේදී දිගහැරුණු එම ඓතිහාසික විරෝධතා ව්‍යාපාරය අනාගත පරපුර වෙනුවෙන් ලේඛනගත කිරීම මෙම ප්‍රදර්ශනයේ අරමුණ බව ද වැඩිදුරටත් වාර්තා වනවා.
