“බයවෙන්න එපා පුතේ තිස්ස, අපි ඔක්කොම දොළොස්වෙනිදා කොළඹ” යනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී තිස්ස කුට්ටිආරච්චි මහතා සිය ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් තබා ඇත.
එම සටහනේ වැඩිදුරටත් සඳහන් වන්නේ, “දේශපාලනයට එහා ගියපු බැඳීමක් අපේ හදවතේ මහින්ද මහත්තයට තියෙන්නේ” යනුවෙනි.
සිය ආධාරකරුවන් අමතමින් කුට්ටිආරච්චි මහතා පවසා ඇත්තේ, “රට රැකපන්, ආගම ජාතිය රැකපන්, රට ආරක්ෂා කරපු වැඩිහිටියන් රැකපන්.. කවදාවත් වරදින්නේ නෑ පුතේ තිස්ස” යනුවෙනි.
